or make 3 interest free instalments of LKR60.00 with Koko
or make 6 interest free installments of LKR30.00 with HNB
or make 12 installments LKR15.00 with DFCC
or make 12 installments LKR15.00 with Commercial
මේ කුඩා ග්‍රන්ථයේ විස්තර වන්නේ “සෝරෙය්‍ය” නම් වූ මහ රහතන් වහන්සේ ගේ ශුද්ධ වූ චරිත කථාවයි. මුන් වහන්සේ ද අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරට අයත් නොවූවද බුදුසසුන තුළ අතිශයින්ම ප්‍රකට මහ රහතන් වහන්සේ නමකි. මුන් වහන්සේ ජනයා අතර වඩා ප්‍රකට වූයේ පැවිදි වීමට පෙර ගිහි කාලයේ දී ලිංග විපර්යාසයක් සිදු වීම නිසාවෙනි. මෙයින් ම මේ සසරෙහි ඇති නින්දිත බව බිහිසුණු බව තුච්ඡ බව අස්ථිර බව මැනවින් ප්‍රකට වේ. මුන් වහන්සේ ගේ මේ ශුද්ධ වූ චරිතයෙන් අපට වැදගත් වූ පණිවිඩ කිහිපයක් ද ගෙණ දෙයි.
එනම්, නිකෙලෙස් උතුමන් කෙරෙහි අනවශ්‍ය විකෘති හැඟීම්, බැඳීම් ඇති කර ගැනීමේ ආදීනවය අතිමහත් බවයි. එසේ ම වරද වරද ලෙස දැක නැවත එම වරද නොකිරීමට වග බලා ගෙණ ධර්මාවබෝධය පිණිස සිත මෙහෙයවාලීමයි. රාගය නිසා ජීවිතය කොපමණ පහත් අඩියකට වැටී ගිය ද පුරන ලද පාරමිතා සහිත නම් පින සම්පූර්ණ නම් ප්‍රඥාව සහිත නම් ඔහු කවර තත්වයේ සිටිය ද තථාගත සද්ධර්මය හමු වූ කල ධර්මය අවබෝධ කළ හැකි බවයි.
කරුණු මෙසේ පවතින බැවින් සෝරෙය්‍ය මහ රහතන් වහන්සේ ගේ මේ උතුම් චරිතය අප හට නොයෙක් අයුරින් වැඩ දායකවේ. එබැවින් “මේ චරිත කථාව ප්‍රමාණයෙන් ඉතා කුඩා එකක් ය. මෙහි ඇති දෙයක් නැතැ”යි නොසිතා සැදැහැ සිතින් යුතු ව ම කියවා කුසල කර්මයන්හි නිරත වීමටත් වහා මේ ඝෝර භයංකාර සංසාරයෙන් නිදහස් වීමටත් උත්සාහවත් විය යුතුයි.
இந்த சிறிய நூலில் “சோரேய்ய” எனும் மகா ரஹதான் வஹன்ஸே அவர்களின் தூய்மையான வாழ்க்கை வரலாறு விவரிக்கப்படுகிறது. இவர் அசூ மகா ஷ்ராவகர்களுக்குள் இல்லாவிட்டாலும் புத்தசசனில் மிகவும் பிரபலமான மகா ரஹதான் வஹன்ஸே ஆவார். இவர் மக்கள் மத்தியில் பிரபலமானதற்கு காரணம், அவர் பாவமூட்டிய காலத்தில் நிகழ்ந்த பாலின மாற்றம் ஆகும். இதனால் இந்த உலகில் உள்ள நிந்தனைகள், வெறுப்புகள், அசுத்தங்கள் மற்றும் அசாதாரண நிலைகள் தெளிவாக வெளிப்படுகின்றன. இவரது தூய்மையான வாழ்க்கை நமக்கு பல முக்கியமான செய்திகளை வழங்குகிறது.
அதாவது, நிக்கேளஸ் பெருமக்களுக்கு தேவையற்ற மாற்று உணர்வுகளை உருவாக்குவது மிகப்பெரிய பாவமாகும். தவறுகளை தவறாகப் பார்த்து அவற்றை மீண்டும் செய்யாமல் கவனமாக இருக்க வேண்டும். ஆசை காரணமாக வாழ்க்கை எவ்வளவு கீழே விழினாலும், பழைய பாரமிதாக்கள் நிறைந்த, ஞானம் நிறைந்தவர் எந்த நிலைமையிலும் புத்தரின் சத்தியத்தை அடைந்தால் தர்மத்தை உணர முடியும் என்பதே முக்கியம்.
எனவே, சோரேய்ய மகா ரஹதான் வஹன்ஸே அவர்களின் இந்த உயர்ந்த வாழ்க்கை நமக்கு பலவிதமாக உதவும். இந்த கதையை சிறியதாக நினைத்து தவறாகப் பாராமல், மனதுடன் படித்து நல்ல செயல்களில் ஈடுபட்டு விரைவில் இந்த கடுமையான சஞ்சாரத்தை விட்டு விடுதலை பெற முயற்சிக்க வேண்டும்.