or make 3 interest free instalments of LKR483.33 with Koko
or make 6 interest free installments of LKR241.67 with HNB
or make 12 installments LKR120.83 with DFCC
or make 12 installments LKR120.83 with Commercial
ඇලන් හා බාබරා පීස් යුවළ රචනා කළ Why Men Lie & Women Cry නම් කෘතියේ සිංහල පරිවර්තනයයි.
මේ පොතෙන් ලෝකයේ බොහෝ රටවල පවත්නා නැන්දා, ලේලිය අර්බුදය, කන්දොස්කිරියාව හා තවත් වැදගත් මාතෘකා කිහිපයක් මනෝවිද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් විමසා ඇත.
ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාව, ස්ත්‍රී පුරුෂ විවිධත්වය පිළිබද අඹු සැමි ඝට්ටන සදහා තුඩු දෙන කරුණු විද්‍යාත්මකව විග්‍රහ කරන මෙම පොත සමබර ජීවිත ගතකිරීමට අවශ්‍ය දැනුම මැනවින් ලබා දෙයි.
නූතන සමාජය සංකීර්ණය. ජීවත්වීම සඳහා අඹු සැමි දෙදෙනාම කාර්යය බහුල රැකියාවල නිරත වෙති. ඒ අය පමණක් නොව රැකියාවක් නොකරන කාන්තාවන්ද දැඩි මානසික ආතතියකින් පෙලෙන බව සත්‍යයකි. මෙම පොතේ කතුවරුන් මේ යථාර්තය විග්‍රහ කරමින් සතුටින් ජීවත්වීම සඳහා අඹු සැමියන්ට විද්‍යාත්මක මග පෙන්වීමක් කර තිබේ. අලුතින් ජීවිත ආරම්භ කිරීමට සූදානම් වන උදවිය මෙම පොත පරිශීලනය කරන්නේ නම් දිවි ගමන අදුරේ නොව ආලෝකය ඇති මාවතක ගෙන යාමට සමත් වන්නේ යැයි පැවසිය හැක.