or make 3 interest free instalments of LKR450.00 with Koko
or make 6 interest free installments of LKR225.00 with HNB
or make 12 installments LKR112.50 with DFCC
or make 12 installments LKR112.50 with Commercial
Author: Chamil Jayaneththi
ISBN: 9786242041483
Page Count: 270
Status: In Print
The mind, active in understanding the nature of the universe, generates various concepts. Based on these concepts, humans are eager to comprehend the universe's functioning. The universe, consisting of continuous activity, is presented and operated through concepts produced by the mind. The world of objects, individuals, and events is not accessible to understanding without these concepts.
Actual activity manifests through extension. Due to extension, activity takes various forms in length, width, and height, which are visible to our eyes. We call this extension space. Space is one of the fundamental mental forms that aid in understanding the universe.
Similarly, activity extending in space is experienced as existence or event, which is called time. Accordingly, activity spreading in space exists through time. Thus, the two fundamental categories for understanding the material world are time and space.
Individuals, objects, and events existing in space and time constantly undergo change, which is called impermanence. How then is Marxism or any other theory or science eternal? Chamil Jayaneththi attempts to address this question through a physical and social scientific analysis in his work. His effort is a remarkable scientific exercise.
This book is available for easy purchase on YEVOBAY.com in Sri Lanka.
YEVOBAY.com - Sri Lanka's premier online shopping platform
රචකයා: චමිල් ජයනෙත්ති
ISBN අංකය: 9786242041483
පිටු ගණන: 270
දැනට මුද්රණයේ පවතී ද?: මුද්රණයේ පවති
විශ්වයේ ස්වභාවය අවබෝධ කර ගැනීමෙහි ක්‍රියාකාරී වන මනස විවිධ සංකල්ප උපදවන්නේ ය. එසේ මනසෙන් උපදවන විවිධ ප්‍රකාර අනුව විශ්වයේ ක්‍රියාකාරිත්වය අවබෝධ කර ගැනීමට මිනිසා උත්සුක වන්නේ ය. නිබඳව පැනෙන නිරන්තර ක්‍රියා සංස්තතියක් අඩංගු විශ්වය පුද්ගල, වස්තු හා සිද්ධි වශයෙන් ප්‍රභේදගත කිරීමට මිනිසා ඉදිරිපත් වන්නේ මෙසේ මනසේ උපදවන සංකල්ප මගින් හෙතෙම මෙහෙයවනු ලබන නිසා ය.
පුද්ගල, වස්තු හා සිද්ධි වශයෙන් ප්‍රභින්න වූ විෂය ලෝකය ප්‍රතිෂ්ඨා රහිතව අවබෝධයට හසු නොවේ. වාස්තවික ක්‍රියා සන්නතිය ව්‍යාප්තිය මගින් ප්‍රතිමූර්ථ වේ. ව්‍යාප්තිය නිසා දිග - පළලින් සහ උස මහතින් විවිධ ආකෘති ගන්නා ක්‍රියා සන්තතිය රූප වශයෙන් අපගේ ඇසට හසු වේ. මෙම ව්‍යාප්තිය පිළිබඳව අනුභූතිය අවකාශය නමින් අපි හඳුන්වමු. අවකාශය වනාහි විශ්වය පිළිබඳව අවබෝධයට පිහිටවන මූලික චිත්තප්‍රකාර වලින් පළමුවැන්නයි.
එසේම අවකාශයේ ව්‍යාප්ත වන වාස්තවික ක්‍රියා සන්තතිය පිළිබඳව ප්‍රවෘත්තියක් ද විද්‍යාමාන වන්නේ ය. ප්‍රවෘත්තිය හෙවත් පැවැත්ම පිළිබඳ අනුභූතිය කාලය යනුවෙන් හඳින්වේ. ඒ අනුව අවකාශය තුළ පැතිරෙන ක්‍රියා කාලය මගින් පවතින බව කිව හැකි ය. මේ අනුව බලන විට විෂය ලෝකයේ අවබෝධයට පිහිටවන මූලික ප්‍රතිෂ්ඨා දෙක වන්නේ කාලය හා අවකාශයයි.
අවකාශය තුළ පැතිරෙමින් සහ කාලය තුළ පැවතීමෙන් විද්‍යාමාන වන පුද්ගල, වස්තු සහ සිද්ධි නිබඳව, නිරන්තරව වෙනසකට භාජන වේ. අනිත්‍යය යනුවෙන් අදහස් කරන්නේ මෙයයි. මේ අනුව මාක්ස්වාදය හෝ වෙනයම් දර්ශනයක් හෝ විද්‍යාවක් හෝ සදාකාලික වන්නේ කෙසේද? චමිල් ජයනෙත්ති තම කෘතිය මගින් උත්සාහ ගෙන ඇත්තේ මෙම ප්‍රශ්නය පිළිබඳව භෞතිකවාදී සමාජ විද්‍යාත්මක විග්‍රහයක යෙදීමයි. ඔහුගේ උත්සාහය සිත්ගන්නා ශාස්ත්‍රීය ව්‍යායාමයක් බව කියනු කැමැත්තෙමි.
මෙම කෘතිය YEVOBAY.com වෙතින් ශ්‍රී ලංකාවේ පහසුවෙන් මිලදී ගත හැක.
YEVOBAY.com - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අන්තර්ජාල වෙළඳසැල
ஆசிரியர்: சாமில் ஜயநேத்தி
ISBN எண்: 9786242041483
பக்கங்கள்: 270
தற்போது அச்சிடப்பட்டுள்ளதா?: ஆம்
பிரபஞ்சத்தின் இயல்பை புரிந்துகொள்ளும் மனம் பல்வேறு கருத்துக்களை உருவாக்குகிறது. அவ்வாறு உருவான கருத்துக்களின் அடிப்படையில் பிரபஞ்சத்தின் செயல்பாடுகளை புரிந்துகொள்ள மனிதன் ஆர்வமாக இருக்கிறான். தொடர்ச்சியான செயல்பாடுகளைக் கொண்ட பிரபஞ்சத்தை நபர், பொருள் மற்றும் நிகழ்வுகளாக பிரிக்க மனிதன் முன்வருகிறான். இது மனதில் உருவாகும் கருத்துக்களின் வழியாக இயங்குகிறது.
நபர், பொருள் மற்றும் நிகழ்வுகளாக வேறுபட்ட பொருள்களைக் கொண்ட உலகம் நிலையான புரிதலுக்கு உட்படாது. உண்மையான செயல்பாடுகள் பரவலால் உருவாகின்றன. பரவல் காரணமாக நீளம், அகலம் மற்றும் உயரம் கொண்ட செயல்பாடுகள் கண்ணுக்கு தெரிகின்றன. இந்த பரவலை நாம் இடம் என அழைக்கிறோம். இடம் என்பது பிரபஞ்சத்தைப் புரிந்துகொள்ள உதவும் அடிப்படை மனச்செயல்களில் ஒன்று.
இதேபோல் இடத்தில் பரவுகின்ற உண்மையான செயல்பாடுகள் பற்றிய நிகழ்வு உருவாகிறது. நிகழ்வு அல்லது இருப்பு பற்றிய அனுபவம் காலம் என அழைக்கப்படுகிறது. ஆகவே இடத்தில் பரவுகின்ற செயல்பாடு காலத்தின் மூலம் நிலைத்திருப்பதாகக் கூறலாம். இதன் அடிப்படையில் பொருளின் புரிதலுக்கு அடிப்படையான இரண்டு கருத்துக்கள் காலம் மற்றும் இடம் ஆகும்.
இடத்தில் பரவியும் காலத்தில் நிலைத்திருப்பதும் மனிதர், பொருள் மற்றும் நிகழ்வுகளை தொடர்ந்து மாற்றமடைந்து இருக்க செய்கின்றன. இதை மாற்றமற்றது எனக் குறிப்பிடலாம். ஆகவே மார்க்சிசம் அல்லது வேறு கோட்பாடு அல்லது அறிவியல் எப்போதும் நிலைத்திருக்கும் என்பதை எப்படி விளக்குவது? இந்தக் கேள்விக்கு சாமில் ஜயநேத்தி தனது நூலில் பௌதிகவாத சமூக அறிவியல் ஆய்வை முன்வைக்கிறார். அவரது முயற்சி அறிவியல் ரீதியான ஆராய்ச்சியாகும்.
இந்த நூல் YEVOBAY.com மூலம் இலங்கையில் எளிதில் வாங்கலாம்.
YEVOBAY.com - இலங்கையின் முன்னணி ஆன்லைன் ஷாப்பிங் தளம்